මුලින් අපි එළවලු සැන්ව්ජ් එකක් හදමු
පාන් පෙති 4
ඇස්ට්රා
තක්කාලි පෙති ටිකක්
සලාද කොල
ළුණු පෙති ටිකක්
මුලින් පාන් පෙති වල ඇස්ට්රා ගා.පසුව එයට උඩින් තක්කාලි පෙති තබා එයට උඩින් ළුණු පෙති තබා අවසානෙට සලාද කොල තබා වසන්න.පසුව එළවලු සැන්ව්ජ් එක දිසියක දමා අමුත්තාට පිලි ගන්වන්න.
බර්ග බනිස් සැන්ව්ජ් හදමු
බර්ග බනිස් 1
ඇස්ට්රා
තක්කාලි පෙති
ළුණු පෙති
සලාද කොල
බැද ගත් බිත්තරයක්
චීස් පෙත්තක්
chicken ham 1
මුලින් බර්ග බනිස් එක 2 ට කපා.බටර් ගා .එයට උඩින් තක්කාලි පෙති,ළුණු පෙති,සලාද කොල,චීස් පෙත්ත ද, බැද ගත් බිත්තරය ද උඩින් දමා වසන්න.පසුව එය දිසියක දමා ආහාරයට ගන්න........
අපි චෙෆ් සැලඩ් හදමු
තම්බපු චිකන් කැල්ලක්,චීස්,තක්කලි 1,චිකන් හැම්.සොසෙජස් 2,කැරට් (මෙවා සියල්ල කැට ලෙස කපා ගන්න ),මයොනිස් සොස්
මුලින් විදුරු භාජනයක් ගෙන එයට කලින් කැට කපා ගත් මිශණය ටික භාජනයට දමා මයොනිස් සොස් දමා ලුණු කුඩු ට්කක් එකතු කර කැමට ගන්න
බීට් රූට් කැද(Beetroot Conjee)
තම්බා ගත් බීට් අල 2
සුදු ළුනු ග්රැම් 10
ළුනු ග්රැම් 25
බත් කැද කොප්ප 4
පොල් කිරි මිලි ලිටර් 100
කරපින්චා ස්වල්පයක
ලුණු,ගම්මිරිස් (අවශය ප්රමාණයට )
සාදන ආකාරය
බීට් අල කුඩාවට කපා භාජනයට දමා ගන්න.එයට බටර් ස්වල්පයක් එකතු කර සුදු ළුනු ,ලුණු කරපින්චා දමා තෙම්පරාදු කරන්න.එයට බත් කෑද දමා විනාඩ් 20ක් පමන මදගින්නෙ පිසගන්න.පසුව එයට පොල්කිරි මුසු කර බ්ලෙන්ඩර් කර අවශය ප්රමාණයට ලුණු ,ගම්මිරිස් දමා පිළිගන්වන්න




